clock December 24,2023
Ravana Pool Club, Ella Sri Lanka, 8 වෙනි වරටත් පවත්වනු ලබන  World Luxury Awards හිදී  සම්මාන ත්‍රිත්වයකින් පිඳුම් ලබයි.

Ravana Pool Club, Ella Sri Lanka, 8 වෙනි වරටත් පවත්වනු ලබන World Luxury Awards හිදී සම්මාන ත්‍රිත්වයකින් පිඳුම් ලබයි.

, ජනතාවගේ විනෝදාස්වාදය සදහාම වෙන් වූ , Ravana Pool Club, Ella Sri Lanka සිය සාර්ථක ගමන් මගේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ග්‍රීසියේ ඇතැන්ස් හී දී 8 වෙනි වරටත් පැවැත්වූ, World Luxury Awards. සම්මාන උළෙලේදී කීර්තිමත් සම්මාන තුනක් දිනා ගැනීමට සමත් විය. මේ වන විට ගෝලීයව විශිෂ්ටත්වයක් හිමිකරගෙන සිටින, ලෝ ප්‍රකට 98 Acres Resort & Spa සමග අනුබද්ධ ආයතනයක් වන මෙම Ravana Pool Club, සිය ආගන්තුක සත්කාරයන් සහ ඔවුන් සතු අසමසම ආගන්තුක අත්දැකීම්වල සුවිශේෂීත්වය මේ තුළින් විදහා දැක්වීය.

 

මෙහිදී Ravana Pool Club ආසියානු මහද්වීපයේ හොදම සුඛෝපබෝගී විනෝදාස්වාද අවන්හල (Best Luxury Entertainment Restaurant - Asian Continent) , නිරිත දිග ආසියාතික   කලාපයේ හොදම පරිදර්ශක දසුන් සහිත ස්ථානය (Best Panoramic Views in the Region - South West Asia), සහ නිරිත දිග ආසියාතික කලාපයේ හොදම සහ විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පය සහිත අවන්හල (Best Outstanding Architecture in the Region - South West Asia) යන අංශ සදහා සම්මාන ත්‍රිත්වය දිනා ගන්නා ලදී.  World Luxury Awards සම්මාන උළෙලේ ලබාගත් මෙම ත්‍රිත්ව ජයග්‍රහණයන්, Ravana Pool Club සුඛෝපභෝගී විනෝදාස්වාදයේ කලාපීය ප්‍රමුඛයා බවට පත් කර ඇත. එලෙසම මෙම විශිෂ්ට ජයග්‍රහණ තුළින් Ravana Pool Club සිය පාරිභෝගිකයින්ට අසමසම අත්දැකීම් ලබා දෙන ස්ථානයක් හා වාස්තු විද්‍යාත්මක විශිෂ්ටත්වයක් අපේක්ෂා කරන අය පැමිණිය යුතුම ස්ථානයක් බවට තව තවත් තරවුරු කරයි.

 

මෙම ජයග්‍රහණය පිළිබද අදහස් දක්වමින් Ravana Pool Club හි හිමිකරුවන් වන අබේරත්න සහ සහෝදරයන් ප්‍රකාශ කර සිටියේ, " මෙම සම්මානයන් දිනා ගැනීමට සමත් වීම, අපට ගෞරවයක් සහ නිහිතමානී සතුටක් ලබා දෙනවා. මෙම සම්මනයන් අපගේ කැපවීමේ සහ අප විසින් ලබා දෙන්නා වූ සේවාවන්වල පිළිඹිබුවක්. අපගේ ගනුදෙනුකරුවන්ට සහ අපගේ කණ්ඩායමට, ඔවුන්ගේ කැපවීම සඳහා අපි අපගේ කෘතඥතාව පුද කරනවා. අපගේ පාරිභෝගිකයින්ට අද්විතීය අත්දැකීම් නිර්මාණය කිරීමට අපගේ කැපවීම නොවෙනස්ව පවතින අතර, සෑම සංචාරයකදීම අසාමාන්‍ය අත්දැකීමක් ලබා ගැනීමට අප හා එක්වන ලෙස අපි ආරාධනා කරනවා" යනුවෙනි.

 

Ravana Pool Club,  බාලි ආභාෂය ලත් ගෘහ නිර්මාණ ශිල්පයෙන් නිම වූ අංග සම්පූර්ණ බාර් එකක් සහ මුළුතැන් ගෙ‍යක් සමගින් නිර්මාණය වී ඇත. එමඟින් පැමිනෙන්නන්ට අත්විතීය අත්දැකීමක් මෙන්ම විවේකය බාධාවකින් තොරව ගත කිරීමට අවශ්‍ය වාතාවරණයක් සපයා දෙයි. එලෙසම මෙහි ඇති තටාකයන් (infinity pool), දිවා ඇදන් (day beds), උණුසුම් ජැකුසි (heated jacuzzis) සහ පරිදර්ශක දසුන් (panoramic views) සෑම සංචාරයක්ම අමතක නොවන අත්දැකීමක් බවට පත් කිරීමට සමත් වෙයි. අවන්හල් ගෘහස්ථ සූපවේදීන්  විසින් සකස් කරන විවිධ රසයන්ගෙන් යුක්ත ආහාර සහ ජර්මනියේ කොලෝන් හි ටෝඩි ටැපර් හි ඉන්දික ද සිල්වා විසින් නිර්මාණය කරන සුවිශේෂී කොක්ටේල් සමගින් නවමු වූ ආස්වාදයක් ලැබීමටත් හැකියාව පවතී. දේශීය, ආවේණික අමුද්‍රව්‍ය යොදා ගනිමින් සකස් කරන  ලද විවිධ අහාර පානයන්ගේ අත්දැකීමක් ලබා ගැනීමටද මෙමඟින් අවස්ථාව උදා වේ. Ravana Pool Club හිඳී දවස පුරාවටම DJ සංගීතය, සන්සෙට් පූල් පාටි (Sunset Pool Parties) සහ ඇල්ල Swing (Ella Swing) ආදිය මඟින් විවේකීව සිටින අමුත්ත්න්ට අමතක නොවන අමතර විනෝදාස්වාදයක් සහිත  අලුත් අත්දකීම් ලබා ගැනීමට ඉඩ හසර වෙන් කරයි.

 

Ravana Pool Club (Boilerplate)

 

ශ්‍රී ලංකාවේ ඇල්ල ප්‍රදේශයේ පිහිටා ඇති Ravana Pool Club බාලි ගෘහ නිර්මාණ ශිල්පයෙන් ආභාසය ලැබූවකි. විස්මිත උණ බම්බු ව්‍යුහයක් සහ ඇල්ල ප්‍රදේශයේ  හි පරිදර්ශක දසුන් (panoramic views) සමඟින්, සුඛෝපභෝගී පහසුකම්, විචිත්‍රවත් වාතාවරණයක් සහ ගෘහස්ථ සූපවේදීන් විසින් පිරිනමනු ලබන සූපශාස්ත්‍ර අත්දැකීම් වලින් මෙය අනූන වේ. Ravana Pool Club හි තටාකයන් (infinity pool), දිවා ඇදන් (day beds) සහ උණුසුම් ජැකුසි (heated jacuzzis) සමඟ ප්‍රබෝධමත් පරිසරයක්  ඒකාබද්ධ කරමින් ප්‍රමුඛතම විනෝදාත්මක අත්දැකීමක් ලබා දෙන පරාදීසයකි. එහි අති නවීන පහසුකම්, ප්‍රවීණ ලෙස නිර්මාණය කර ඇති අභ්‍යන්තරය සහ පිළිගැනීමේ පරිසරය පැමිණෙන්නන් සඳහා නවමු අත්දැකීමක් ලබාදෙන අතරම සුවදායක පසුබිමක් නිර්මාණය කරයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

You Must be Registered Or Logged in To Comment Log In?

Related News

Please Accept Cookies for Better Performance