Partner content

John Keells Properties 2025 ව්‍යාපාරික සහ ආයෝජන සමුළුවේ නිල දේපළ වෙළෙඳාම් සහකරු ලෙස ලංකා බිස්නස් ටීවී සමඟ අත්වැල් බැඳගනී.

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තයා වන John Keells Properties, පසුගියදා පැවැති "ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව 2025 - ගම්පහ" (Business & Investment Summit 2025) වැඩසටහන සඳහා නිල දේපළ වෙළෙඳාම් සහකරු ලෙස ලංකා බිස්නස් ටීවී (LBTV) සමඟ එක් විය.

පසුගිය දෙසැම්බර් 13 වන දින කලගෙඩිහේන Glasgow හෝටලයේදී පැවැත්වුණු මෙම සමුළුවට මූල්‍ය, ව්‍යවසායකත්ව සහ නියාමන ක්ෂේත්‍රවල ප්‍රවීණයන් රැසක් සහභාගී වූහ. එහි ප්‍රධාන අරමුණ වූයේ වර්තමාන අඩු පොලී අනුපාතික හමුවේ ආයෝජකයන්ට ලබාගත හැකි උපරිම ප්‍රතිලාභ සහ විකල්ප ආයෝජන අවස්ථා පිළිබඳව දැනුවත් කිරීමයි.

මෙම හවුල්කාරිත්වය සහ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳව අදහස් දක්වමින් John Keells Properties හි දේපළ අංශ ප්‍රධානී සහ John Keells සමූහයේ විධායක උප සභාපති ඉනෝක් පෙරේරා මහතා මෙසේ පවසා සිටියේය.

"අද වන විට ආයෝජකයන් සිතන ආකාරය වෙනස් වී ඇත. ඔවුන් දැන් සොයන්නේ හුදු කෙටිකාලීන ලාභ පමණක් නොවේ. විනිවිදභාවය, විශ්වාසය සහ කාලයත් සමඟ අඛණ්ඩව වටිනාකම වැඩිවන වත්කම්වලට ඔවුන් ප්‍රමුඛතාව ලබා දෙයි. නිවැරදි උපායමාර්ගිකව ප්‍රවේශ වන්නේ නම් දිගුකාලීන ආයෝජනයක් ලෙස දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය තවමත් ඉතා ප්‍රබලයි."

ඉනෝක් පෙරේරා මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මහල් නිවාස ආයෝජනය යනු ස්ථාවර මෙන්ම තිරසාර තේරීමක් බවයි. මෙහි දී නවීන ව්‍යාපෘති සැලසුම් කර ඇත්තේ ස්වභාවික පරිසරයට හෝ තෙත් බිම්වලට හානි නොවන අයුරිනි. හොඳින් සැලසුම් කළ මහල් නිවාස හරහා ගමනාගමන කාලය ඉතිරි කරගත හැකි බැවින්, පවුල සහ සෞඛ්‍යය වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කිරීමට අවස්ථාව ලැබේ. එපමණක් නොව පවතින අඩු පොලී අනුපාත සහ ඉහළ යන ඉල්ලුම සලකා බැලීමේදී ආයෝජනය කිරීමට මෙය කදිම අවස්ථාවකි.

සමුළුවේ මෙහෙයවීම සිදුකළ ලංකා බිස්නස් ටීවී නිර්මාතෘ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජයන්ත කෝවිලගොඩගේ මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

"ආයෝජකයන්ට ප්‍රායෝගික අවබෝධයක් ලබා දීම මෙම සමුළුවේ අරමුණයි. John Keells Properties සමඟ එක්වීම මෙම සාකච්ඡාවට විශාල විශ්වාසදායක බවක් සහ දැනුම් ගොන්නක් එක් විය. එමඟින් දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය දිගුකාලීන වටිනාකමක් සහිත ආයෝජනයක් ලෙස පවත්වාගෙන යාම පිළිබඳ ඔවුන් සතු විශේෂඥ දැනුම මනාව පිළිබිඹු විය."

John Keells Properties ආයතනය මේ වන විටත් Cinnamon Life, VIMAN සහ TRI-ZEN වැනි දැවැන්ත ව්‍යාපෘති හරහා මෙරට දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදුකරමින් සිටියි. මෙම සමුළුව හරහා දේපළ වෙළෙඳාම් යනු හුදෙක් ඉඩමක් හෝ ගොඩනැගිල්ලක් පමණක් නොව, අනාගතය සුරක්ෂිත කරන උපායමාර්ගික ආයෝජනයක් බව ඔවුන් යළිත් තහවුරු කළේය.

You Must be Registered Or Logged in To Comment Log In?

Related News

PARTNER CONTENT

HardTalk

A well-established public relations and communications agency based in Colombo, Sri Lanka. Founded in 2004, HardTalk provides strategic PR services including media and influencer relations, brand and product launches, crisis communication, stakeholder engagement, content creation, social media management and event support, serving both local and international brands.

Verified partner since January 2026.

Follow US