clock December 24,2023
සීමාවෙන් එහා සේවයට කැපවෙන රාජ්‍ය සේවයේ නියුතු සහ විශ්‍රාමික ඔබ වෙනුවෙන් SLT-MOBITEL ‘උපහාර’

සීමාවෙන් එහා සේවයට කැපවෙන රාජ්‍ය සේවයේ නියුතු සහ විශ්‍රාමික ඔබ වෙනුවෙන් SLT-MOBITEL ‘උපහාර’

15 වැනි සැමරුම

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL රාජ්‍ය අංශයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් රට වෙනුවෙන් ඉටුකරන අමිල මෙහෙවරට පිදුණු ගෞරවනීය ‘උපහාර’ පැකේජය 2008 වසරේ ආරම්භකර මේ වනවිට වසර 15 ක් සම්පූර්ණ වී තිබේ. ඒ නිමිත්තෙන්, නවතම පැකේජ දෙකක් SLT-MOBITEL ‘උපහාර’ යටතේ හදුන්වා දී ඇති අතර මෙම පැකේජ ප්‍රතිලාභ රැසක් සමගින් අතිශය සහනදායී ගාස්තු යටතේ ලබාගත හැකි වීම විශේෂත්වයකි.

තාක්ෂණයේ දියුණුවත් සමග ‘ඩේටා’ යනු ජනතාවගේ ජීවන රටාවේ අනිවාර්යය අංගයක් බවට අද පත්වී තිබේ. එම ප්‍රවණතාව හමුවේ SLT-MOBITEL Mobile විසින් ඩේටා සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන ලද අතර, ඊට සමගාමීව ඩිජිටල් යුගයට ගැළපෙන ආකාරයට ‘උපහාර’ පැකේජ වැඩිදියුණුකරන ලදී. මෙමගින් රාජ්‍ය සේවයේ නියුතු සහ විශ්‍රාමිකයන් තවදුරටත් සවිබලගැන්වීම SLT-MOBITEL හි අපේක්ෂාවයි. 

මේ නව උපහාර ජංගම පසුගෙවුම් පැකේජ යටතේ 15GB ඩේටා (දිනකට 512MB) සහ WhatsApp, Google Maps සහ Waze Navigation App සඳහා 7.5GB (දිනකට 256 MB) ඩේටා හිමිවන අතර, Zoom, MS Teams, Office 365 සහ Google Meet සඳහා 10GB ඩේටා ඇතුළුව ඕනෑම ජාලයකට මිනිත්තු 1,000ක ඇමතුම්, SMS 1000 මාසිකව රු. 499 (බදු රහිත) ක් වැනි සහනදායී ගාස්තුවක් යටතේ ලබාගත හැකි වේ.

මීට අමතරව, මාසිකව රු. 727 (බදු රහිත) ක ගාස්තුවක් යටතේ වැඩි ඩේටා ප්‍රමාණයක් අවශ්‍යවන පාරිභෝගිකයන්ට මසකට 30GB (දිනකට 1GB) ඩේටා සමග WhatsApp, Google Maps සහ Waze Navigation App සඳහා 7.5GB (දිනකට 256 MB) ඩේටා හිමිවන අතර, Zoom, MS Teams, Office 365 සහ Google Meet සඳහා 10GB ඩේටා ඇතුළුව ඕනෑම ජාලයකට මිනිත්තු 1,000ක ඇමතුම්, SMS 1000 හිමිවේ.

රටේ යහපත වෙනුවෙන් කැපවෙමින් රටත් ජනතාවත් වෙනුවෙන් මහඟු සේවයක් ඉටුකරන රාජ්‍ය අංශයේ සේවක සේවිකාවන් සහ විශ්‍රාමිකයන් වෙනුවෙන් මෙලෙස වැඩිදියුණු කළ ප්‍රතිලාභ එකතුවකින් සමන්විත උපහාර පැකේජ පිරිනැමීමට SLT-MOBITEL පියවර ගෙන ඇත. එවැනි උදාර අරමුණක් වෙනුවෙන් දියත් කළ මෙම SLT-MOBITELඋපහාර’, දිගින් දිගටම සිය කෘතඥතාවේ සලකුණක් ලෙස පවතිනු ඇතැයි සමාගම අපේක්ෂා කරයි. එසේම පූජ්‍ය පක්ෂය  සඳහාද මෙම වාසිදායක පැකේජ පිරිනැමීමට SLT-MOBITEL කටයුතුකර ඇත.

SLT-MOBITEL ශාඛා සහ SLT-MOBITEL බලයලත් නියෝජිතයන් දිවයින පුරා විසිරුණු වෙතින් ‘උපහාර’ පැකේජ ලබාගත හැකි වේ.

SLT-MOBITEL උපහාර පැකේජය සියළු රාජ්‍ය සේවයේ නියුතු පාරිභෝගිකයන් සහ විශ්‍රාමිකයන්ට එක් සබදතාවයකින් සම්බන්ධතා ද්විත්වය බැගින් එක් ජාතික හදුනුම්පතකින්  සබදතා 4ක් ඔබටත් ඔබගේ පවුලේ සාමාජිකයන්ටත් ලබාගත හැක.මෙම පැකේජ ලබාගැනීමට බලාපොරොත්තුවන පාරිභෝගිකයන් තම ජාතික හැඳුනුම්පතේ පිටපතක් සහ රැකියාව තහවුරුකරන ලිපියක් ඉදිරිපත්කර SLT-MOBITEL උපහාර සමග එක්වීමට අවස්ථාව ඇත. වැඩිදුර තොරතුරු සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න, 1717 අමතන්න.


You Must be Registered Or Logged in To Comment Log In?

Related News

Please Accept Cookies for Better Performance