clock December 24,2023
අපි සියයට 20ක් තරුණයන්ගෙන් සහ සියයට 30ක කාන්තා නියෝජනයක් සහිත පාර්ලිමේන්තුවක් ගොඩනගනවා. - අනුරපුරදී දිලිත්ගෙන් ජයග්‍රහණය ගැන සහතිකයක්

අපි සියයට 20ක් තරුණයන්ගෙන් සහ සියයට 30ක කාන්තා නියෝජනයක් සහිත පාර්ලිමේන්තුවක් ගොඩනගනවා. - අනුරපුරදී දිලිත්ගෙන් ජයග්‍රහණය ගැන සහතිකයක්

·         රනිල්ට රටේ සභ්‍යත්වය ගැනවත් අනාගතය ගැනවත් කිසිම හැගීමක් නෑ

·         අපි ආවේ රනිල්ට මුක්කු ගහන්න නෙමෙයි.

·         හැමෝම කොඩින් කරාම රට ගොඩ යයිද? එතකොට කෘෂිකර්මාන්තය කරන්නේ පොලිසියෙන්ද

 

සියයට 20ක් තරුණයන්ගෙන් සහ සියයට 30ක කාන්තා නියෝජනයක් සහිත පාර්ලිමේන්තුවක් ගොඩනගන බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අනුරාධපුරයේ පැවති පක්ෂයේ දිස්ත්‍රික් සමුළුව අමතමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකික කාන්තාවගේ දේශපාලන නියොජනය සහ ව්‍යවසායකත්ව හැකියාව පිලිබඳව ඔහු මෙසේ ද පැවසීය." 52% වෙච්ච මේ මාතෘත්වය සිය පවුල කියන ව්‍යවසායකත්වය ඇදගෙන දුවන්නේ නිර්මානශීලීත්වය හා සෙනහස නිසා මිස වෙන දෙයක් නිසා නොවේ. ඒ නිසා ඔබ මේ රටේ ව්‍යවසායකත්වයේ ප්‍රමුඛතම කාර්‍යභාරය කරන තැනැත්තා. මේ රට සතුටු දැයක් වීමටනම් කාන්තාව සතුටින් සිටිය යුතුයි. අපේ ඒකායන බලාපොරොත්තුව මේ සතුටු දැයක් නිර්මාණය කිරීමේ සභ්‍යත්වය හා ව්‍යවසායකත්වය කියන සංකල්ප දෙක සමාජගත කිරීම.මේ රටේ ඇතිවුණු දේශපාලන රික්තකය පිරවීමට කලක් සිට ගත් උත්සාහයේ ප්‍රථිපලයක් ලෙසයි මේ සංකල්ප ඔබ වෙත ගෙන එන්නේ. විසඳුමක් කියා ආයෙමත් ආණ්ඩු වෙනස් කළත්, ඔය කට්ටියම ගෙනාවත් ඔබට සමෘද්ධිය විදිහට ලැබෙන්නේ 2,500 නම් ඔබ පවුලක් නඩත්තු කරන්නේ කොහොමද කියල මම අපේ රටේ කාන්තාවන්ගෙන් අහන්න කැමතියි.ඒ නිසා මෙයට විසඳුම ලෙස අප දකින්නේ තමන්ගේ ආත්ම විශ්වාසය මත පදනම් වූ ව්‍යවසායකත්වය මත පදනම් වූ රටක් ගොඩ නැගීම විතරයි.

අපි රජ දරුවන්ගේ කාලේ ඉදන්ම ආයෝජනය කරලා තියෙන්නේ කෘෂිකර්මාන්තයට. මේක කෘෂිකාර්මික රටක් කියන එක පිළිනොගන්නා කිසිදු පක්ෂයක්, නායකයෙක් මේ රටේ ප්‍රශ්නයට පිළිතුරු සොයන්නෙක් නොවේ කියලයි මම කියන්නේ. අපිට තියෙන්නේ ඩොලර් අර්බුදයක් කියලා කියන අයට  කියන්න තියෙන්නේ එයාල පිට පොට පටලවා ගෙන ඉන්නවා කියලයි. අපේ රට අනිකුත් රටවල් වලින් වෙනස් වෙන්නේ, අපේ රටේ සභ්‍යත්වය තුලම තැන්පත් වුණු ප්‍රමුඛ්‍යම කර්මාන්තය කෘෂිකර්මාන්තය වන නිසා.

අපි අපේ සතුටු දැයක් නිර්මාණය කිරීමේ පලමු පියවර ලෙස කුස පුරවා ගැනීමේ මාර්ගය සකසා ගත යුතුයි. කෘෂිකර්මාන්තයේ ඇති ප්‍රශ්නය ව්‍යවසායකත්ව මනසකින් නොබලන තුරු විසදා ගැනීමට නොහැකි තත්වයට පත්වෙලා තියෙනවා. කෘෂිකර්මාන්තයට අවශ්‍ය යටිතල පහසුකම් වල මිල ඉතා ඉහල ගිහින්  නමුත් අස්වැන්න ඉහල ගිහින් නැහැ. අස්වැන්න විකුණාගන්න ගියාම ලබාගන්නේ අවම මුදල මිස උපරිම මිල නොවේ. ඒ නිසා මේ සියලුම දේ ගැන අපි ව්‍යවසායකත්ව මනසකින් බලා කටයුතු කල යුතුයි.

මම ව්‍යවසායකත්වය කියන වචනය අවුරුදු විස්සක විතර තිස්සේ ඉදන් කට්ටියට තේරුම් කරවන්න හදනවා. අපිට ඉස්කෝලේ වීජ ගණිතය, භූගෝලය, ප්‍රමේය, ආවර්තිතා වගුව ඔක්කොම උගන්වනවා නමුත් ව්‍යවසායකත්වය  උගන්වන්නේ නෑ. ඉතින් අපි අවුරුදු 12ක් ඉස්කෝලේ ගිහින් එළියට ආවහම ඒ ඉගෙන ගත්ත දෙයින් වැඩක් නෑ. අපි ගෙනගන්න ඕනේ කෘෂිකර්මය. කෘෂිකර්මය අපේ විෂය නිර්දේශයේ නැහැ. හැම දරුවම කෝඩින් කළොත් මේ රට ගොඩ ගන්න පුලුවන් කියලා සමහරු හිතනවා. එතකොට කෘෂිකර්මාන්තය කරන්නේ පොලීසියෙන් ද කියලා මම අහන්න කැමතියි. 

කටකතා පැතිරෙනවා මව්බිම ජනතා පක්ෂය රනිල් එක්ක මුක්කු ගහන්න යනවා කියලා. මුක්කුව කොතනට ගැහැව්වත් නොගහන අන්තිම මුක්කුව රනිල් වික්‍රමසිංහ කියලා කියන්න පුලුවන් . හේතුව ඔහු මේ රටේ සභ්‍යත්වය විශ්වාසය කරන්න්නෙත් නැහැ. ඔහු 2048 අපි දියුණු වෙයි කියලා හිතනවා. ඒක පුහු සටන් පාඨ්‍යක්. රතු සහෝදරයින්ට මම කියනවා අපි මේ කරන්නේ අවංකත්වයේ දේශපාලනයක්, සෙනෙහසේ දේශපාලනයක්, ආදරයේ දේශපාලනයක් අපි ළඟ වෛරී වැඩ නැහැ,මඩ නැහැ. ඍජු දේශපාලනයම පමණයි තිබෙන්නේ. 

 

You Must be Registered Or Logged in To Comment Log In?

Related News

Please Accept Cookies for Better Performance